බත බුලතින් සරුවීලා
ගහකොළ මල් පල දරලා..
පරිසරයම නැවුම් බවින් ඔප වැටිලා සිරි මැවිලා
යහගුණ දම් සිරිත් විරිත්
ඉටු වීලා සිත් පිරිලා
සතුටු සිනා, නිවෙස පුරා සුබ අවුරුදු උදා වෙලා
බුදු සමිදුන් වැද පළමුව
නොනගත කාලය ගෙවීලා
,
කෙළි සෙල්ලම්වල යෙදිලා,
කළගුණ දම් පෙරටු කරන්
බුලත් අතක් දොත දරා
වැඩිහිටියන් වැද පුදලා වැරදි ඇතත් සමාවෙලා
තරහ මරහ ඉවත දමා
සතුටු සමාදානෙ ලබා
සුබ අවුරුද්දක් පතන්නේ උතුරා හද සෙනෙ පුරා

No comments:
Post a Comment