Friday, August 14, 2015

අවසාන මොහොත

මා ගෙවන ජීවිතේ අවසාන මිනිත්තු කිහිපය බව හොඳාකාරව මට දැනෙමින් තිබුනි,,,
කායික ඉතා දුර්වල උනත් මාගේ මානසික සිතුවිළි බොහොම පැහැදිළි තත්වයක පැවතුනි,,,
දෙමව්පියන්,අක්කා, අයියා කඳුළු ඇද හැලෙනා දෙනෙතින් මා දෙස බලා හිටින්නට උනා,,,
මගේ ඇඳ උඩ වාඩි වෙලා මාහේ හද හොත් මිතුරා මාගේ අත අල්ලන් ඉකි ගගහා මා දෙස බලන් හිටියා,,,
මා දෙනෙත් ඉදිරි පිට බිත්තියේ එල්ලා තිබූ ඇගේ පියකරු සිනාව ගවසා ගත් සේයාරුව දෙස මා දෑස් දල්වා බලා සිටින්නට විය,,,

මාගේ සොඳුරුතම කාලයය හා මා දෙසවන් ඇසූ සෝචනීය පුවතත් මා ඉදිරියේ මැවී පෙනුනේ ත්‍රිමාණ සිතුවමක් පරිද්දෙනි,,,,

“මචන් අන්තිම බෝලෙට ලකුණු දෙකක් තියෙනවා,,,ලොකු පහරවල් වලට යන්න එපා ඊසි ගහපන්,,”මම නදියාට උපදෙස් දී මාගේ සීමා ඉර වෙත පැමිනියෙමි,,,

සුරයා දිව විත් එවූ පංදුවට ස්ක්‍යාකට් පහරක් එල්ල කර වේගෙන් ලකුණක් කරා පැති මාරු කර ගැනීමට සමත් විය,,දෙවන ලකුණට බාගයක් දුවා සිටිනවිට පන්දුව රැක ගත් කස්සා වේගයෙන් මා සිටි කඩුල්ල වෙත පන්දුර පිරි නමන්නට විය..

සියලු වෙර දෙපයට ගෙන වේගයෙන් දිව යන්නට විය,,,එකපාරටම පපුව හිර වන්නට පටන් ගැනිනි,,,මගේ ගමන අඩාල වනවත් සමඟ,,පංදු රකින්නන්ගේ ප්‍රීතිගෝසාව ඇසෙන්නට විය,,,එක පාරටම ඔක්කාරයත් සමග වමනය මාගේ සුදු පැහැති ටී ශර්ටය පුරා රතුපාට ගලා ගියා,,,

මා සියලු මිතුරන් අසුරු සැනින් මා වෙත පැමිනියා,,,
"මොකද බං උනේ",,"යකෝ ලේ ඔන්න" එකෙක් පරයා එකාගේ කතා හඬ මට වෙන ලෝකයකින් මෙන් ඇසෙන්නට විය,,,,
නදියා මා ඔහුගේ උකුලේ හොවා ගන්නට විය,,
"යකෝ වතුර ටිකක් ගෙනෙන් කවුරු හරි",,,වතුර පොවා මා ටික වේලාවක් යන විට මා තරමක් යතා තත්වයට පත් වෙන්නට විය,එතැනින්ම ක්‍රිකට්ගැහිල්ල ඉවර උනා,,
"මචං බොට මොකක් හරි ලෙඩක් තියෙනවද",,,
"නෑ මචං දවල්ට කාලා හිටියේ නෑ ඒක වෙන්න ඇති බන්",,,
"ඉතින් බං කෑවේ නැති උනා කියලා වමනෙට ලේ යන සිරිතක් තියෙනවද??",,,,,

"මම දන්නේ නෑ බං"...
"දන්නේ නෑ නෙමෙයි,,,ඉක්මනට යමු ඩොකෙක් හම්බ වෙන්න",,,
"බොලාට පිස්සුද ඉහෙන් බහින ලෙඩක් නැත් මට ඩොකාලා මොකටද",,,,

"අනේ මේ උඹප පඩත්තල වෙන්න එපා",,ඉක්මනට යමු",,,
"මගුලක් කියවන්නේ නැතුව මොනවා හරි කන්න යමං,,බඩ ගින්නට යකෝ වමනේ ගියේ",,,
"යමන් හොඳ තෝසේ පාරක් දාන්න",,,
ගෙදර ගියත් මගේ සිරුර මටම අවනත නොවන්නට විය,,සතියක් වගේ ඇතුලත මට දහ දොලොස් පාරක් ලේවමනය යන්නට විය,,,,

මම කාටත් හොරෙන් ගාල්ලේ රුහුණෙන් පරීක්ෂණ කීපයක් කර ගතිමි,,,

අවසන් රිපෝට් එක දෙස දොස්තර මහතා බලා
මගේ නොයෙකුත් විස්තර අසන්නට විය,,,අවසන දෙනෙත රැඳි උපැස් යුවල ගලවා පසකින් තැබීය,,,

“පුතා මිනිස්සුන්ට තමයි කරදර එන්නේ,අපි ඒවාට ගොඩාක් ශක්තිමත්ව මුහුණ දෙන්න ඕන”,,,
“මහත්තයෝ මට කියනවද ඔක්කොම,මම කබල වෙන්නේ නෑ”,,,
දොස්තර මහතා මා දෙනෙත් දෙස තීක්ශණ බැල්මක් හෙලා මා වාඩි වී සිටි පුටුව අසලින් පැමින මේස ගැට්ටට බර වී,,මා උරහිසසට මුදු ලෙස අතක් තැබීය,

“දොස්තර කෙනෙකුට උනත් කෙනෙකුට මෙහෙම කියන්න ලැබෙන එක මහා අභාග්‍යක්”,,
“පුතා ඔයට හදවත් පිළිකාවක් තියෙනවා”,,,

මගේ දෙනෙත් අහියස දිග ඇරුනේ මගේ මරණයයි,,,මොනවා සිතන්නද කියා මට සිතාගන්නවත් බැරි විය,,,ලොකූ හුස්මක් හෙලූ මා දොස්තර මහතාගේ දෙනෙත් දෙස බැලුවෙමි,,ඔහු ඉතා ආදරයෙන් මා දෙස බලා සිටියාය,,,

“මම මහරගමට ඔයාව යොමු කරන්නම්”,,,,
“අනේ දොස්තර මහත්තයෝ මට හරියටම කියනවාද මම තව කොච්චර කලක් ජීවත් වෙයිද කියලා”,,
“ඔන්න බලන්නකෝ ඔයා කලබල වෙනවානේ”,,

”නෑ මහත්ත්යෝ මම කැමති නෑ මැරෙන ඉතිරු ටික දවස ඉස්පිරිතාලේ ඇඳක් උඩට වෙලා ඉන්න,,මට ගෙදර කට්ටියයි,මගේ යාලුවොත් එක්කයි ඉන්න ඕන”,,,

“මෙහෙමයි පුතා ඔයාගේ හිත ශක්තිමත් කියලා මට තේරෙනවා,ඒත් පුතා අපි බලමු උපරිමයක් කරන්න”,,,

“මම කවදාවක් වත් ඉස්පිරිතාලෙක නැවතිලා ඉඳලා නෑ,,,,මට ජීවත් වන අන්තිම තත්පරෙත් මට මගේම අයත් එක්ක ඉන්න ඕන මත්තයෝ,,හෙට මම මැරෙනවා නම්,,ඉස්පිරිතාලෙකට වෙලා මට ඒක සතියක් දික් කර ගන්න ඕන නෑ,,අනේ මට කියන්න,,මට තව කොච්චර කාලයක් ජීවත් වෙන්න පුලුවන්ද.....? “

“ඔයාගේ තත්වය ගොඩාක් බරපතලයි,,,ම්ම්ම්,හරියටම මට කියන්න බෑ උපරිම මාස 4ක් වගේ”,,,,
තවත් බොහෝ දෑ කියූ ඔහුගෙන් සමු ගෙන මා ගාල්ලේ ටවුමට පැමියෙමි,,,,

“මචං නදියා,,, උඹ අද හවස මුකුත් වැඩක් තියා ගන්න එපා,,හවස අපි දෙන්නා විතරක් බන්ට් එක ලඟ සෙට් වෙමු”,,

“උඹ දැන් ඔය කෝල් කරන්නේ කොහේ ඉඳලද මචං ඔතන හෝං සද්දේ මාරෙටම ඇහෙනවා නේ”,,,

“මචං මම පොඩ්ඩක් ගාළු ආවා”,,,

“ආ එහෙම ද,,,මචං අනිත් උන්ටත් එන්න කියන්නද සෙට් වෙන්න”,,,
“නෑ.. නෑ.. එපා බං අපි දෙන්නා විතරයි,,,”
“හරියට 4ට සෙට් වෙමු”,,,,,
මම ඇමතුම විසංදි කර බස් රථරට ගොඩ උනා,,,
ගොක්කොළ අතර හා විකාර සිතුවිළි ඔස්සේ හිත මෙහෙය වන්නට විය,,,,

“මචං උඹ මොකද බං මෙච්චර ගෙනාවේ, අපි දෙන්නට මේ බෝතලේ වැඩියිනේ බං”,,,

“වැඩි නෑ යකෝ ටිකක් වෙලා යද්දී උඹ කියයි තව බෝතලයක් ගේමු කියලා”,,,
“මොකද උඹට අද ගාල්ලෙන් හූරන ලොතරැයියක් වත් ඇදුනද…??”,,,නදියා මහ හයියෙන් හිනා වෙන්නට උනා,,,
මට ඇදුණු ලොතරැයිය මාගේ මිතුරා දන්නවා නම්,,,,,,,

“යකෝ දැන් ශොට් තුනක් දැන්මා,,,කෝ උඹ මුකුත් කිව්වේ නෑ නේ”,,,සිගරටු දුම මා දෙස පාකරමින් විමසුවා,,,,,
“මට උඹේන් උදව්වක් ඕන මචන්”,,,

“ඕන එකක් කියපන්… උඹ දන්නවා නේ මේ නදියා ගැන,,උඹට නොදෙන දේවල් මං ලඟ නෑ පුතා”,,,,
මා මගේ මිතුරාගේ හැටි හොඳින් දනිමි,,,,

“මචං මට උත්තරාගෙන් වෙන් වෙන්න උදව් කරපන් බං”,,,,

හතරවෙනි වීදුරුවේ අඩක් පානය කරමින් සිටි ඔහුට එය හිස්මොලේ ගියේය,,,,
කැහැ කැහැ මා දෙස අමුතු විදියට බලා,,

“තොට අමු කැවිලද යකෝ”,,,,
“නෑ මචං මම සිරා කිව්වේ”,,,
“මේ බොට වැඩියිද කියපන්කෝ මරු කියවන්නේ”,,,
“නෑ යකෝ මට එකිගෙන් අයින් වෙන්න ඕන,,,බොට උදව් කරන්න බැරි නම් නිකා හිටපන් මම වෙන එකෙක් ගෙන් උදව් ගන්නම්”,,,

ඔහු අඩක් ඉතුරු වූ සිගැරැට්ටුව මාවෙත් දික් කලේය,,,
“මචං කොල්ලෝ…. මට ඇත්තම කියපන්කෝ, උඹට මොකද වෙලා තියෙන්නේ,,උඹලා දෙන්නා කොච්චර ආදරෙන් ඉන්නවාද,,,අපේ එකෙක් වත් කරනවාද උඹලා දෙන්න වගේ ලස්සන ලව් එකක්””,,,

“ඒවා ඔක්කොම නවත්තන්න වෙනවා බං දැන්”,,,
හරි හරි මට සිද්ධිය කියහන්කෝ මුලින්ම”,,,
මා මොහොතක් නිහඬව සිටින්නට විය,,,මොහු මෙය කෙසේ දරා ගනීද,,,

“කියපන් බං ඉතින් මෙතන තටමන්නේ නැතුව,,”
දොස්තර මහතා කියූ දෙය මා ඔහු ඉදිරියේ දිග හරින්නට විය,,,
මා මාස 4ක් ජීවත් වෙනවා යයි කියූ විට නදියා මී හරකෙක් වගේ මහ හයියෙන් අඬ අඬ මාව බදා ගන්නට විය,,,

“යකෝ උඹ මැරෙන්නේ නෑ,,,
උඹට මම මැරෙන්න දෙන්නේ නෑ,,
අර දොස්තරයට පිස්සූ මම එතන හිටියානම් උගේ හොම්බට එකක් අනිනවා,,
අනිත් එක උඹ නැතුව අපි කොහොමද ජීවත් වෙන්නේ කියහන්කෝ,,,
උඹ කොහොමද හිතුවේ අපිව දාලා යන්න,,””
මගේ මිතුරාගේ වේගයෙන් ගැහෙන සිරුරත් මා තරයේ වැලඳගෙන සිටියෙමි,,,අනතුරුව ඔහු මාගේ බෙල්ලේ එල්ලී මගේ මුහුණ අතෝරක් නැතිව ඉඹින්නට විය

“එහෙම කරන්න එපා මචං.....”,,
මට පුදුමාකාර දුකක් ඇති විය මට මෙතරම් ආදරේ කරන කට්ටියව දාලා යන්නේ කොහොමද..???,,නමුදු මාරයා විසින් මගේ දින වකවානු මේ වන විට තීරණය කර අවසන්ව තිබින,,,,

“මම උඹෙන් ඉල්ලන අන්තිම උදව්ව මේක,, මට මේක කරන්න උදව් වෙයන්,,මම කැමති නෑ බං ඒ අහිංසකීව ජීවත් වෙන කාලේ මම වෙනුවෙන් අඬ අඬා ඉන්නවට”,,,මම වෙවුලන ස්වරයෙන් ඉතා සීරුවට කීවේය නදියා තවමත් මා තුරුල් කර ගෙන ඉකි ගසයි,,,

“කියපන් උඹේ මේ යාලුවාගේ අවසන් බලාපොරොත්තුව ඉශ්ඨ කරන්වා කරනවා නේද..???”

“මම දන්නවා උඹට මේක දරා ගන්න බෑ කියලා,,,මචං මට හීන ගොඩක් තිබුන එක්කෙක් නෙමෙයි,,,මට එක හීනයයි තිබුනේ උත්තරත් එක්ක මැරෙනකම්ම ආදෙරෙන් එකට ඉන්නවා කියන එක විතරයි,,,ඒත් මචං මගේ ජීවිතේ දාලා යනවට වඩා දුකයි ඒ කෙල්ලගෙන් ඈත් වෙන එක,,,”
මට මහා අඬින් අඬෙන්නට විය,,,
නදියා නැවතත් මා බදාගෙන අඬන්නට විය,,,සැබැවින්ම මම මේ මිතුරු උණුසුම ලබන්නේ තව කී කලක්ද,,මේ මොහොතේ සිටම මා උත්තරාගෙන් වෙන්න පටන් ගත යුතුය,,,

“මචං මට උඹේ නංගිගෙන් උදව් ගන්න වෙනවා කොල්ලෝ,,,,”

නදියා කිසිත් නොකියා මා කියනා දෙය අහන් ඉන්නට විය,,,,
“උඹේ නංගිත් එක්ක යාලු විදියට මම හැසිරෙනවා,,උත්තරාට පේන්න මම යනවා,,,
ඒකිට මගේ ගැන වෛරයක් ඇති කරනවා මම”,,,

“උඹ දන්නවද මචං කෙල්ලෙක් කොල්ලෙක්ට කොච්චර ආදරේද ඒ ආදරේටත් වැඩිය ඒකී පස්සේ වෛර කරනවා,,,මට මේ රඟපෑම ඉක්මනින්ම කරන්න වෙනවා මොකද මට වැඩි කාලයක් නෑ”

“උඹට මම කිව්වා නේද ඔය බෝතලේම ගැහුවත් උඹට මත් වෙන්නේ නෑ කියලා,,,මම හිනා වෙමින් ඇසුවේය,,,
“උඹ මහා පුදුම මිනිහෙක් බං...මට තියෙන දුක”,,,,
නදියා ගොත ගහන්නට උනේ වෙරි මත නිසා නොව,,හිත් වේදනාවෙන් බව මා හොඳාකරවම දනිමි...නදියා උගේ නංගීට මේ දෙය කියා මට උදව් කරනා බවට පොරොන්දු විය,,,

“මචං තව දෙයක් අපේ කොල්ලොන්ට මේවා දැනම් කියන්න එපා,.,,අපි වෙනදා වගේම හවසට පිට්ටනියේ සෙල්ලම් කරමු,,,ජීවත් වෙලා ඉන්න අන්තිම තත්පරයත් මචං මට උඹලත් එක්ක ගෙවන්න ඕන,,,ඒත් මම මැරෙන්න කලින් උත්තරා මං ගැන තියෙන ආදරය කොහොම හරි වෛරයකට පෙරලනවා”,,,,

දින කිහිපයක් ඇවෑමෙන් මා උත්තරාට කෝල් කරන එක සම්පූර්ණයෙන්ම නවතා දැමුවෙමි,,,ඇය එක දිට කෙටි පණිවිඩ හා කෝල්ස් ගනිමින් මා වෙහෙසට පත් කරයි,,
බැරිම වූ අවස්තාවකදී මම දුරකථනය ක්‍රියා විරහිත කරන්නට පුරුදු වූයෙමි,,,,කෝල් එකක් ආන්ස්වර් කරපු වෙලාවකට මම ඇගේ නැති වරදක් අල්ලාගෙන බනින්නට පුරුදු වූයෙමි,,,අනේ ඒ අහිංසක කෙල්ල අඬන තරම්,,,මම දන්නවා මට පව් නෑ,,මම එහෙම නොකලොත් තමයි මට පව් පිරෙන්නේ,,,,

දිනක් මා දුරකතනයෙන් ඈ අමතා කිව්වේ මම වෙන ගෑණු ළමයෙක් හා පෙමින් වෙලන බවයි,ඈ අඬපු ඇඬිල්ලට හා කියූ වදන් වලට මා කොච්චර අසරණ වූවා දැයි දන්නේ මගේ ලෙඩ උන පපුව පමණයි,,,,,,,
මම වහා දුරකථනය තබා බාතෲමයට ගියේ වමනේ දමන්නයි,,,,සින්ක් එක පුරාවට රුධිරය දස අත පැතිර යන්නට විය,,,,

“ඔයා ගොඩාක් මහන්සි වෙන්න එපා,,දුක් වෙන්නත් එපා,,එතකොට ඔයාට වමනේ යන්න පටන් ගන්නවා”,,

දොස්තර මහතා කියූ වදන් මා හට නැවතත් සිහිපත් වන්නට විය,,,

උත්තරාට මා හම්බ වීමට අවශ්‍ය බව මට කෙටි පණිවුඩයකින් සටහන් කරන්නට විය,,,,
මා නදියාගේ නැගණිය වන පියුමිත් මේ සඳහා එක්කන් යන්නට තීරණය කර සිටියෙමි,,ඒ අවස්තාවේදී හැසිරෙන්න ඕන විදිය සැකෙවින් විස්තර කර දෙන්නට විය,,,,ඇය මට සැලකුවේ ඇගේ අයියාටත් වඩා ආදරෙනි,,,ඇයත් කඳුලු සල සලා මා කියනා දෙය අසා සිටින්නට විය,,,,,

ගාල්ලේ පාක් එකේ වෙනදා දුටු සොඳුරු බව මා මෙදා නුදුටුවෙමි,,,සොහොනක පෙනුන මූසල සොබාවය මට අද පැහැදිළිව දිස්වන්නට විය,,,මා පියුමිගේ කර වටා අත දාගෙන හිනා වෙවී කතා කර කර යන්නට අසාර්ථක උත්සාහයක යෙදුනිමි...අප දෙදෙනා ඈත තියා එනව දුටු උත්තරා ඉද්ද ගැසුවා සේ නැගිටියේය,,,

මම මොන තරම් කාළකණ්නියෙක්ද,මම මගේ පණ දෙවෙනි කර ආදරය කරන කෙල්ලට නේද මහපොළොව නුහුලනා වේදනාවක් දෙන්නේ,,,නමුත් මම මේ දේවල් කරන්නේ ඔයා ගැන හිතලයි මගේ රත්තරං..මාගේ හිතටම සපථ කර ගැනීමට උත්සාහයක යෙදුනෙමි,,,

“අයියේ මේ ඔයාමද,,,ඇයි දෙයියනේ ඔයා මට මෙහෙම කලේ,,,
ඔයා මට පෙන්නපු ආදරය බොරුවක්ද,,
නෑ නෑ මට මේක පිළිගන බෑ,,”උත්තරා ඉකි ගසන්නට විය,,,

“නෑ නංගී මම මේක හොඳට හිතලා බලලා ගත්ත තීරණයක්,,,මට මේක මෙහෙම කරන්න උනා”,,,,
“මේ මගේ කොල්ලා,,, උඹට කෙහෙන්ද මෙයාගේ ඇඟේ එල්ලෙන්න හයියක් ආවේ”,,,,

උත්තරා රාස්සියක් වගේ පිසුමි වෙත පැන වැරෙන් කම්මුල් පාරක් ගැසුවේයි,,,,මුවැත්තිය වගේ හැසිරුණු ඇය මෙතුවක් දවසක් කේන්ති ගිය දවසක් මා මතකයට නගා ගැනීමට අපහසුය,,

මෙයයි මට ඕන කලේ…. ඇගේ කේන්තියයි,,,,
ඈ විසින් ගැසූ කම්ඹුල් පාරට පියුමිට ඇඬිනි,,,මා තවත් පියුමිව මගේ වෙතට තුරුල් කර ගතිමි,,,,

“මේ… උඹට අයිතියක් නෑ මෙයාට ගහන්න තමුන් කවුරු කියලද හිතන් ඉන්නේ,,මේ කෙල්ලව මම කසාද බඳිනවා,,උඹට වෙන්නේ බලාගෙන ඉන්න එක විතරයි”,,,,

“අනේ අයි මට ඔයා මෙහෙම කලේ මගේ රත්තරන් අයියේ”,,,,

“ආ උඹට ඒක අහගන්න ඕනද,,එහෙනම් හොඳට අහ ගනින්”,,,
“පියුමිගේ බඩේ මගේ දරුවෙක් ජීවත් වෙනවා”,,,

මා කියූ කතාවෙන් උත්තරා පමණක් නොව පියුමීද අංදුන් කුන්දුන් විය,,,මේ අපි දෙදෙනා විසින් කතා කර ගත් දෙබසක් නොවේ,,,නමුත් අදිසි අවස්තාවන් වලින් වැඩි වාසි ලබා ගත හැකි බව මා අත්දැකීමෙන් දැන සිටියෙමි,,,
පියුමිගේ හැඬුම වේගවත් වූයෙන්,,මා කියූ කතාව උත්තරාට මනා සාක්ශියක් වන්නට විය,,,,

“අනේ අයියේ,,ඔයාට එහෙම දෙයක් ඕන උනා නම් ඇයි දෙයියනේ මට කිව්වේ නැත්තේ,,මම ඔයාට නොදෙන දෙයක් තියෙනවද මගේ ජීවිතේ”,,,,,

මට මං ගැනම මහම මහ පිළිකුලක් දැනෙන්නට විය,,,,
මම ගොඩාක් වෙලාවට හිතපු දෙයක් තමයි,මගේ අම්මද මට වඩා ආදරේ උත්තරාද කියන එක,,,මොකද මාතෲත්වය මා උත්තරාගෙන් බොහෝ අවස්තාවල ඇත් දැක ඇති නිසා,,,
ඇය සැබැවින්ම පෙම්බර කාන්තාවකි,,,
කොල්ලෙක් මෙවැනි බිරිඳක් ලබන්න පාරමිතා සපුරා තැබිය යුතුයි,,,,
මාහට හිමි මේ කින්නරාවිය,,,අහිමි කිරීමට
මාරයා විසින් තීරණය කළ ඇත

“උඹගෙන් ඉල්ල ඉල්ල මට ඉන්න වෙලාවක් තිබුනේ නෑ ඕවා,,,පියුමි මට ඉල්ලන්නත් කලින් දුන්නා”,,,

උත්තරාගේ මුහුණ වෙනස්වෙන්න ගියේ බොහෝ සුළු වෙලාවකි,,,,

“තමුසේ මහ වලත්තයෙක්නේ,,,බැටලු හමක් පොරවන් හිටිය තමුසේ කොටියෙක්”,,
“මේකි ඉල්ලන්න කලින් දීලා තියෙන්නේ නල්ල මලේ බඩුවක් නිසා තමයි,,,
මම මහා වියරු සිනහවක් උත්තරාට පෑවා,,

ඉන් තව තවත් උරණ උන ඈ....

“බැලුවහම තමුසේ මට ආදරේ කරන ගමන් වෙන එකියක් එක්ක නිදියාගෙන නේ,,,මට මං ගැනම මහ පිළිකුළක් දැනෙනවා,,තමුසේ වගේ සතෙකුටනේ මම ආදරේ කලේ
එක අතකින් තමුසේ වගේ එකෙක්ව මට නොලැබෙන එකත් හොඳයි,,,මම දැන හිටියා නම් තමුසේ ඔහොම අසහන කාරයෙක් කියලා,,,මම තමුසෙත් එක්ක එක තත්පරයක් වත් ඉන්නේ නෑ”....

“තමුසෙලා වගේ සත්තු දෙන්නෙක්”,,
“කමක් නෑ උඹලා දෙන්නත් එක්ක පවුල් කන්න,,,මම මගේ තාත්තා ඉන්න රටට යනවා”,,,

“මිලාන්…...උඹ මට ලංකාව අපායක් කලා මනුස්සයෝ”,,,

මා පෙම්කල අවුරුදු හතරටම ඇය මගේ නමින් ඇමතූ මුල්ම අවස්ථාව හා අන්තිමද අවස්ථාව මෙයයි..
ඇය හෑන්ඩ් බෑගයත් රැගෙන කුඩෙනුත් වැරෙන් පාරක් මගේ පිටට ගසා අඬමින් වේගයෙන් දිව ගියය,,,

සැබැවින්ම උත්තරා මෝඩ කෙල්ලෙක් නෙම්යි,,,ඒත් ඇය ජීවිතයට අනතුරක් කර ගනී යැයි මට අදිසි බියක් දැනෙන්නට විය,,,

මම බංකුවකින් වාඩී මෙතෙක් වෙලා මගේ හිතේ පිටාර ගලන්න හැදුව දුකට,,වාන් දොරටු විවර කරන්නට පටන් ගත්තේය,,,,

“මට සමාවෙන්න මගේ රත්තරං මට මෙහෙම කරන්න උනා”,,, ම
ම ව්වුලන ස්වරයෙන් මදක් ශබ්දෙන් කීවේය,,,
පියුමි නංගී ඉමහත් සංවේගයෙන් මාව ඇගේ උරහිසට තුරුල් කර ගන්නට විය

මෙලෙස දවස් කිහිපයක් ගෙවී යන්නට ඇත,,,වෙනදා පුරුද්දට ක්‍රිකට් ගසන්නට පිට්ටනියට ගියත්,,මා එක තරඟයක් පමණක් ක්‍රීඩා කර ගිමන් නිවන්නට වූයේ පපුව ඉමහත් වේදනාවක් දෙන නිසාවෙනි....ක්‍රිකට් වලට තරම් මා පෙම් කල ක්‍රීඩාවක් වෙන තිබුනේ නැත,,,ක්‍රිකට් මැච් එකක් තිබුනොත් එදාට මම ගෙදර ටීවී එක බදු අර ගෙන ඉන්නේ,,,

“මල්ලී කතාව යනවා ටිකක් දාන්නකෝ”,,,
“පොඩ්ඩක් ඉන්නවා ඕයි ඕවරයක් ඉවර උනහම විනාඩියකට දාන්නම්”,,
“විනාඩියක් බලලා මොනවා කරන්නද..??,”,,,
“තමුසේ ඔය බලන මල් කතා වැඩක් තියෙනවද..??”,,,
”මම කියන්නම් අද කතාවේ වෙන කොටස”,,,
“අනේ මේ මම කියන්නේ නෑ ඉතින්… මගේ සුදු අක්කාට කේන්ති ගියේය,,
“හරි හරි මම අද කොටස ඉන්ටනෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා දෙන්නම්”,,,,
“තමුසේ ඉතින් කියනවා විතරයිනේ”,,
“ඉතින් ඔය කෙහෙල්මල් මැච් එකත් ඉන්ටනෙට් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්නවාකෝ”,,,

“අනේ මෝඩියේ,, ලයිව් බලනවා වගේද මැච් එකක් ඉවර උනාට පස්සේ බලන එක,,
දැන් තමුසේ හිතන් ඉන්නේ ඔය කෙලෙහෙල් "මල් කතා" වගේද මේකත් කියලා,,,
පංදුවෙන් පංදුවට උණුසුම වැඩියි,,,
අන්තිම වෙනකම් කොයි අතට කැරකෙයිද කියලා කියන්න බෑ,,
එතකොට බොක්ක පත්තු කරන් බලන්කොට තමයි කික් එක,,, දන්නේ නැතිනම් මගෙන් අහ ගනින්”,,

අයියා මේ කතා අහන් හිනා තලන්නේ කවදාවත් මම රිමෝට් එක අක්කාට දෙන්නේ නැති බව දන්නා නිසාය,,,
“ලොකූ ඔයාවත් මල්ලීට කියන්නකෝ පොඩ්ඩක් දාන්න කියලා”,,,,
“අනේ මේ අයියත් මැච් එක බලනවා හලෝ,,,ඔයා මෙතන නිකන් නෝන්ඩි වෙන්නේ නැතිව යනවද”

“කියනවා බලන්න ඔය කෙහෙල්මලක් බැලුවා කියලා තමුසෙට ලැබෙන ලාබේ…
මොකක්ද දිණුවත් පැරදුනත් උන්ට සල්ලී ලැබෙනවා,,පැය ගානක කරන්ට් බිලයි,,, කාලකන්ණ්නි කම විතරයි තමුසෙට ඉතුරු ”,,,

“ඔය කිව්වේ තමුසෙගේ බුද්ධිය,,
දැන් මට කියනවා ඔය කතාවේ කොල්ලයි කෙල්ලයි ආදරේ කරනවා,,උන් බොහෝම සීනීබෝල ලව් එකක් කරන්නේ,,,කොල්ලා ඒකිට ජීව්තේට බනිනවද,,??
අන්තිමට උන් දෙන්නා බඳිනවා,,”

”දැන් මට කියනවා කනිශ්ක අයියත් උඹට ඔය විදියට ද ලව් කරන්නේ”,,,,
මට දවස් කීයක් ඇහිලා තියෙනවද උඹ රෑට හිමිහිට අඬනවා,ඒ කණිශ්ක අයියා මොකකට හරි උඹට බැනපු නිසා,,එයා එහෙම කරාට උඹ ඒ අයියව අත අරිනවද,,වෙනදටත් වැඩියෙන් ආදරෙයි නේද..??",,,

"මේ මල ඉලව් කතා බලලා උඹලා ඒ විදියට ලව් කරන්න ගියාට හරියනවද,,,මේවා ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේවල් නෙමෙයි,,කතා කියන්නේ කතාවක්ම විතරයි....නිකන් ඔලුව කුරුවල් කර ගන්නේ නැතිව තමුසෙට වෙන වැඩක් නැතිනම්,,මෙතනින් වාඩි වෙලා මැච් එක බලනවා,,ජයසූරිය අද 100 ගහනවා,,,බොරු උනොත් මම කවදාවත් ආයේ මැච් බලන්නේ නෑ”,,,

අක්කත් මා කියූ කතාවට මදක් අවනත වෙලා පුටුවෙන් වාඩි උනා,,

“මල්ලී දැන් කවදා හරි තමුසේ යාලු වෙන නංගී ක්‍රිකට් බලන්නේ නැතිනම් තමයි වැඩේ වෙන්නේ”,,,

මෙතෙක් වෙලා ටී.වී එකට නෙතු යොමා අපි දෙන්නාගේ රණ්ඩුවට සිනාවෙමීන් සිටි අයියාත්
අක්කාගේ කතාවට මගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් මා දිහා බලා සිටියය

“ආහ් ඒක මම ඒ වෙලාවට කර ගන්නම්,,ඒකිව මට ඕන විදියට මම හදා ගන්නම්”......

සැබැව්න්ම උත්තරාට මා කියූ දේවල්....,,,

“නංගී අපි දෙන්නා කසාද බඳින දවසේ රෑට මැච් එකක් තිබුණොත් මම නම් මැච් එක බලනවා,,ඔයත් කැමතිනම් මැච් එක බලන්න,,නැතිනම් නිදා ගන්න..
හනිමූන් එක පහු වෙනිදට කල් දාමූ”,,,

“එතකොට මට නිදහසේ ඔයත් එක්ක බැට් කරන්න පුලුවන්නේ”,,,

උත්තරාගේ මුහුණ රතු වී මට පිටට සියුම් පහරක් ගැසුවේය,,,

“ඔයා කියන කතා”,,,

“ඔයා එදා රෑට මැච් එක බලයිද කියන එක එකයි මට සැක”,,,,

“හරි බං පැටියෝ,,,එදාට ඔයාම බලා ගන්නකෝ”,,,

“මොනවද බලන්නේ”

“මම ක්‍රිස් ගේල්ට යකා වැහුනා වගේ පැවිලියන් එකෙනුත් එහාට යන්න ඔයාගේ බෝල් වලට බැට් කරන්නම්කෝ”

උත්තරා ඇස් රතුවෙනකම් සිනාසුනාය,,ඇගේ සිනාව කොතරම් සොඳුරුයිද....

“අපේ පුතාවත් හොඳ ක්‍රිකට කෙනෙක් කරමු,,,
අඩුමගානේ ක්ලබ් මැච් ගහන්නවත්”,,,

“ඔව් ඉතින් පුතාත් තාත්තා වගේ ක්‍රිකට් පිස්සෙක් නොවුනොත් තමයි පුදුමය”,,,

“හැබැයි බය වෙන්න එපා දුවට ක්‍රිකට් ගහන්න උගන්නන්නේ නෑ මම”....

අපි දෙදෙනාම එක විට සිනා සුනහ.....

“මොකද මචං තනියෙම හිනා වෙන්නේ”...
නදියාගේ වදනින් මා උත්තරාගේ මතකයන්ට මොහොතකට සමු දුනිමි,,,

“උත්තරා එක්ක කියපු කතා මතක් උනා”,,,,

“ආ අන්න මම කියන්නම් හිටියේ උත්තරා අනිද්දා ඇමෙරිකා යනවලු”,,,,

ඇත්තටම මම මෙලොව තනිවී අවසන්,,,තවත් දුක් වෙන්නට දුකක් නැති තරම්,,,

”කමක් නෑ මචං මට මේදුක වැඩි දවසක් විඳින්නට වෙන්නේ නෑ නේ,,
ඒකි එහෙම යන එක හොඳයි,,,
ආපහු ලංකාවට කවදා හරි දවසක එයි,,එතකොට එයා කසාද බැඳලා තියෙයි,,,මං ගැන එදාට එයා දැන ගත්තත් කමක් නෑ,,
මොකද එදාට එයගෙම කියලා ලෝකයක් තියෙන නිසා”,,,

“උඹ මහ පුදුම මිනිහෙක් මචං,,,උඹ මේවාට කොහොම මූන දෙනවද කියලා මට හිතා ගන්නවත් බෑ”

“ඒකට අවුලක් නෑ තව ටික දවසයි නේ මේ හැම දෙයක්ම”,,,නදියාගේ නෙතේ කඳුලක් දිළිසෙනු පෙනින,,,

“මචං ඒක නෙමෙයි මම කියන්න හිටියේ හෙට ඉරිදානේ අපේ බොක්කවල් ටික හෙට සෙට් කරන් නාන්න යමු දොළට”,,,,
“මට උන්ගෙන් සමු අරන් තියා ගන්න ඕන,,මොකද මගේ ඇඟ ගොඩාක් දුර්වළයි බං කොයි මොහොතෙදී කියන්න බෑ,,,බෝල් තුනක් එක දිගට යවන්න බෑ දැන් මචං මට”,,,,

“උඹ මේක ඇරෙන්ජ් කරපන්,,,
මම ගෙදර යනවා මචං, දැන් මේ දවස් වල අපේ ගෙදර හරියට බතක් උයන්නෙත් නෑ,,,
මාව දැකපු දැකපු හැටියේ හැමෝම අඬනවා මචං,,,මට වෙලාවකට මැරෙන්න මහ ගොඩාක් ලෝබයි බං....ඒත් මගේ කාලේ ඉවර වේගෙන එනවා කියලා මටම තේරෙනවා,,,එහෙනම් මම ගියා”,,,

“හිටපන් මාත් එන්නම්”,,,,

පසුදා අපේ සෙට් එකේ කොල්ලෝ 12 නාන්න එකතු විය,,,

“අඩේ මේ බලපන්කෝ මූ බ්‍රැරැන්ඩි ගෙනත් තියෙන්නේ”,,,

“ඔව් ඕයි ඒකනේ මාත් බැලුවේ මූ ගමක බයිටුත් ගෙනත් නේ”,,

කතා දොඩමළු වෙමින් හිනා තහළු සමඟ බෝතල් දෙකක් පමණ හිස් වූවත්,,නදියා විතරක් අරමුණකින් තොරව බය වෙලා මෙන් හිටියේය,,

No comments:

Post a Comment