Wednesday, July 29, 2015

ඇවිත් යනවද විනාඩියකට

හුගක් මිනිසුන් ගියත් මග තොට
මම හිනාවත් උනේ නැති කොට 
ඔයා ආ හැටි ඇස්  අග්ගිස්සට 
ඇත්තමයි පුදුමයි අදත් මට 
දමා  මුරකාවල් හතරවට 
නොයෙක් මිනිසුන් බල සිටියට 

ඔයයි ඔය ඇස්  දෙකයි දුටු විට 
දුවන් එන්නට හිතෙනවා මට 
තියාගෙන මහා දුකක් හිත යට 
හොරෙන් රහසින් හඩා වැටුනට 
ඔයා චුට්ටක් හිනා වෙනකොට 
ඇත්තමයි අමතක උනා මන් මට 
ඔයා මගේ මන් හිතා හිටියට 
සිහිනයකි තවමත් ඔයා මට 
ඉතින් චුට්ටක් ලගින් ඉන්නට 
ඇවිත් යනවද විනාඩියකට  

1 comment:

  1. Authour: please let us how you fell about the posts and the blogs. leave comments down below. ඔබේ අදහස් අපට කියන්න පහලින් කමෙන්ට් කරන්න

    ReplyDelete