Wednesday, July 29, 2015

හද පෙලන හැගුමන් කලා අකුරු තෙලි තුඩගින් මං

ආසයි සිතන්නට ඒ පාසල් කාලේ
පැන දුව සෙල්ලම් කල බාල කාලේ
නැත තිබුනේ සිතට බරක්
මාපියන් මත පැටවුනි මහමෙරක්
යන්නට සිතෙනවා සිහිවන විටත්
වදිනවා මා පාසල අද දුටු විටත්

රැයෙහි  පිපෙන කඩුපුල් මලකි
දැවුණු කතරම වැහි බිදුවකි
රිදී අතරේ රන් පවුමකි
සිතෙහි නගින ආදර හැගුමකි

බලා සිටිමි ඔබේ එළිය
එනමුදු නුබ අමාවකයි
විදින්නෙමි සිතක සිසිල
එනමුදු ඉඩෝරයයි ඔබ
සොයන්නෙමි මුදු පහස
එනමුදු නුබ පරඩලකයි
සිතුවෙමි කරගන්ට මගේ
එනමුදු ඔබ අන් සතුයි



ඇවිත් යනවද විනාඩියකට

හුගක් මිනිසුන් ගියත් මග තොට
මම හිනාවත් උනේ නැති කොට 
ඔයා ආ හැටි ඇස්  අග්ගිස්සට 
ඇත්තමයි පුදුමයි අදත් මට 
දමා  මුරකාවල් හතරවට 
නොයෙක් මිනිසුන් බල සිටියට 

ඔයයි ඔය ඇස්  දෙකයි දුටු විට 
දුවන් එන්නට හිතෙනවා මට 
තියාගෙන මහා දුකක් හිත යට 
හොරෙන් රහසින් හඩා වැටුනට 
ඔයා චුට්ටක් හිනා වෙනකොට 
ඇත්තමයි අමතක උනා මන් මට 
ඔයා මගේ මන් හිතා හිටියට 
සිහිනයකි තවමත් ඔයා මට 
ඉතින් චුට්ටක් ලගින් ඉන්නට 
ඇවිත් යනවද විනාඩියකට  

PURE LOVE


ආදරයේ ගීතයක්ද

සඳ වතුරෙන් මුහුණ දොවන 
රෑ  සඳ මල් පොහොට්ටුවක 
සුවඳ හිතට දැනිලා වත්ද 
නින්ද හිමින් ගියේ දුරක 
හීන හීන තරු රෑනක 
හෙමින් හෙමින් පැටලීගෙන 
හොරෙන් හොරෙන් දුරක් යන්න 
කියන්න ඔබ දැන් එනවද 
කඳුළු පිරුණු මගේ ඇස් දෙක 
කතා කරි හිත අස්සට 
කියන්න මට ඔබ කියන්න 
ආදරයේ ගීතයක්ද 
නිල්වන් තුරු මුදුන් මතින් 
රිංගා එන සඳ එලියට 
පෙම් කරන්න හිතුනත් මට 
ඔබේ හිතේ නෑ  අවසර 
නොකියූ කවි පද දාහක 
අරුත් කුමට කවි නැති කොට 
මගින් හැරී ඔබත් යන්න 
තනිකම මට හුරුයි හොදට 

අරුම සෙනෙහස

තාරකා නෙතු දල්වමින් මම
සඳ කුමරු හට පෙම් කළා 
නොලැබෙන බව දැන දැනත් මම 
සදේ රැස්  යට සැග උනා 
පැතූ පැතුමන් හිතේ රඳමින් 
හොරෙන් සඳ රැස් බැස  ගියා 

සඳට බැදි ඒ අරුම සෙනෙහස 
වෙනදාටත් වැඩියෙන් වැඩිවෙලා 
සඳුගේ මුදු සිත මවෙත දක්වා 
පතයි නම් පෙම ආත්මය පුරා 
කුමරුනේ ඔබ හට පුදන්නම් 
මගේ පෙම ආත්මය පුදා.

අහිංසක ආදරය

සද දියෙන් අැබිත්තක් තැවරිලා
පිච්ච මල් පොහොට්ටුව ඇහැරිලා
මේ රෑ නිදි නොලැබ තනි වෙලා
හිත හඩයි සොදුර ඔබ සිහි වෙලා 
ඔබට මට හමුවකට ඉඩ නොදී 
කාල විහඟුන් ගියා දුර ඇදී 

එනමුදු අතීතෙට සිත බැදී

 උපන් ආදර හැගුම් නොපරදී  
ඔබ දැකීමේ සිහින අපමනයි 
 ආදරේ මල් පිපී අත  වනයි
හිත ළගයි එනමුදු ගත දුරයි 
ජීවිතේ හැමදාම මට දුන්නේ 
කඳුළු කැට  විතරමයි  

  
මට අපි දෙන්න අතර තියෙන සම්බන්දෙට නමක් කියන්න නැති උනත් මගේ හදවතට සමීප වෙච්ච මේ  නිසදැස බලන්න ඔයාලගෙත් හිත සසල කරනවද කියලා 

මම මග‍ේ වෙලා‍වෙන් බ්ලොග් එකක් ලියන්න ප‍ටන් ගත්තා
ඉස්සරහ‍ට ලස්සන ලස්සන කතා සිතුවිලි එක්ක මම ඔයාලා හමුවෙන්න එන්නම්
එතෙක් ය‍ාඵ‍වනේ ඔ‍යාලට සුබ දවසක් වේවා